Sunday, August 3, 2014

Shilpa Sayura Concept and Its Evolution


11/19/2007

1992 සිට මවිසින් සිංහල අක්‍ෂර තාක්‍ෂණයේ නියැලුනේ කිසියම් දිනක සිංහල තොරතුරු පරිඟණක සඳහා අවශ්‍ය වන බව දැනගනය. එවකට නාරා ආයතනයේ මගේ පරිගණක ගුරු මයිකල් ග්රූබර්ගේ තාක්‍ෂණ සහයෙන් කැන්ඩි නම් අකුරු වැල නිමවා ප්‍රථම වරට වින්ඩෝස් හි සිංහල භාවිතා වීමට සැලසිණි.

කාලය ගෙවෙත්ම 1995 දී මා ශ්‍රී ලංකාව ගැන සංයුක්ත තැටියක් නිමැවීමට කටයුතු කළෙමි. සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් නිමැවු එය අදද පාසල් ළමුනට ප්‍රයෝජනවත් වී ඇත.

නිරංජන් මීගම්මන෴

ඉන් අනතුරුව 1997 දී ලංකාදීප හා දිවයින සිංහල පුවත්පත්ද , වීරකේසරී දමිළ පුවත් පතද අන්තර්ජාලයට එකතු කරමින් දේශීය අන්තර්ජාල සංස්කෘතියකට මුලපිරීමට උත්සුක වූයෙමි. අප අනුගමනය කළ බොහෝ අන්තර්ජාලවේදීන් එම සංකල්ප ඉදිරියට ගෙන ගියහ.

1997 දී ලංකාවේ දක්‍ෂතම තරූණයන් දස දෙනකුට පිදෙන "TOYP" සම්මානය විද්‍යාව හා තාක්‍ෂණ සංවර්ධනය සඳහා මටද පිදිණි. මා සමග එම පිදුම ලත් අය අතර ජැක්සන් ඇන්තනි, සනත් ජයසූරිය වැනි මගේ වීරවරයන් වීම මම මහා ගෞරවයක් කොට සලකමි.

එතැන් පටන් නව ජීවයක් ලද මා දේශීය තොරතුරු රැස්කිරීමටත්, අන්තර්ජාලය දේශීය කරණය කිරීමටත් උනන්දු වූයේ 1999-2000 කාළයේ ඇමරිකා එක්සත් ජනපදයේ හා තායිලන්තයේ ලත් මහඟු අත් දැකීම් වලිනි.

2000 දී ඊ ෆියුශන් ආයතනය පිහිටුවා සිංහල වෙබ් අඩවි තැනීම හා දේශීය තොරතුරු පිරි www.mysrilanka.com, malkoha.com, srilankareference.org, kaputa.com ආදී වෙබි අඩවි අප කණ්ඩායමේ (Kaputa Team) නිමැවුමි විය.

සියළු වෙනස්කම් සිදුවූයේ e-srilanka ව්‍යාපෘතිය සමඟිනි. මුළ පටන්ම ICTA ආයතනය අප VGK, e-Society කටයුතු වලට හවුල් කර ගති.
ආචාර්ය ගිහාන් මුල් කොටගත් සිංහල යුනිකේත කමිටුවට සහභාගි වී, ICTA විසින් ගෙන්වූ මැලේසියාවේ මුරසු මහතා අතින් ලැබූ යුනිකේත පුහණුව ශිල්ප සයුරට උත්පේරකයක් වීය.

ඒ අතරම අධ්‍යාපන ව්‍යාපෘතියකට සූදානම් වීමට අප විසින් ඉතිහාසය, පරිසරය ආදී විශයන්ට අදාල ස්ථාන වල ජායාරූප 14000 ක් රැස්කර තිබුණි. සිංහල යුනිකේත තාක්‍ෂණය භාවිතා කරමින් gov.lk කිරීමද සිංහල යුනිකේත සමූහයේ සහයද ශිල්ප සයුර නිර්මාණයේ වැදගත් විණි.

2006 වසරේ e-SDI ප්‍රදාන සඳහා ඉල්ලුම් පත් කැඳවීමේදී අප විසින් එතෙක් සකසා තිබූ තොරතුරු හා යෙදුම් මත ව්‍යාපෘතියක් සැකසීම ඇරඹිණි.

ඒ අතරම අවශ්‍යතා හඳුනාගැනීමට අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ SEMP ව්‍යාපෘතිය සමඟ සාකච්චා කළ අතර, එහිදී ආචාර්ය ප්‍රසන්න හඳුන්වාදුන් moodle e-Leaning Management Syatem කෙරෙහිද අවධානය යොමවිය.


1992 සිට මවිසින් සිංහල අක්‍ෂර තාක්‍ෂණයේ නියැලුනේ කිසියම් දිනක සිංහල තොරතුරු පරිඟණක සඳහා අවශ්‍ය වන බව දැනගනය. එවකට නාරා ආයතනයේ මගේ පරිගණක ගුරු මයිකල් ග්රූබර්ගේ තාක්‍ෂණ සහයෙන් කැන්ඩි නම් අකුරු වැල නිමවා ප්‍රථම වරට වින්ඩෝස් හි සිංහල භාවිතා වීමට සැලසිණි.

කාලය ගෙවෙත්ම 1995 දී මා ශ්‍රී ලංකාව ගැන සංයුක්ත තැටියක් නිමැවීම

No comments: