Sunday, August 3, 2014

ශිල්ප සයුරේ මුදුකාංග අදියර නිමයි

11/19/2007

ශිල්ප සයුර ඉසවි අධ්‍යාපන ව්‍යාපෘතියේ මුදුකාංග අදියර නිමවිය. මුළින්ම අදහස් කළ තොරතුරු කළමණාකරන මුදුකාංගයට වඩා වැඩි අංග ගණනාවක් මීට එකතු විය. එයට හේතුව අපද ඉන ඉගන ගැනීමය. දැනට විශ්ව විද්‍යාල තුළ ජනප්‍රිය මූඩ්ල් නිදහස් මුදුකාංගය මා හට හඳුන්වා දුන්නේ ආචාර්ය පැස්කුවල්. එය පාසල් ළමුන්ට අත් විඳීමට ඉඩ දී පරීක්‍ෂා කර බැලූවිට ඔවුන් එය අපහසු බව පැවසූහ.

ඊට හේතුව ඔවුන්ගේ දැනුම සමග ලෝකයේ හොඳම මුදුකාංගයක් සම්පාත නොවීමය. එමනිසා අප එය අධ්‍යනය කර අපේ සංකල්පත් එකතු කර ශිල්ප සයුර මුදුකාංගය සැළසුම් කළා. ග්‍රාමීය සිසු භාවිත පුහුණුවට මුහණත ඉතාම සරළ කළ අතර ජාත්‍යන්තර ම්ට්ටමේ මුදුකාංගයක් නිර්මාණයට එහි යාන්ත්‍රණය සැලසුම් කළා.
එයට ඕනෑම ප්‍රමාණයේ බරක් හා පිවිසුම් දරාගන්නට හැකි පරිදි පහසුවෙන්ම විශාලනය කළ හැකියි. අවශ්‍ය උපකරණ හා ජාල පහසුකම් පමණයි.

සිංහල දෙමළ වෙබ් අඩවි සහා අප නිමවූ යුනි පෝටල් යාන්ත්‍රණය මෙහි අඩංගු අතර, වාණිජ මුදුකාංග පදනමක් උඩ තමා ගොඩ නැගුණේ. එමනිසා 100% ක්ම නිදහස් නැහැ. නමුත් මෙය නැණසලට ලබාදෙන්නේ නොමිලේ.

FOSS මුදුකාංගයක් ලෙස මෙය පරිවර්ථනය කිර ඊ ශ්‍රී ලංකා පීසී තුලට බහා ලීමට අපට අදහසක් ලැබුනු අතර ඒ ගැන අප උනන්දුවෙන් සිටිනවා.

එහි පහත අංග අඩංගුයි.

1. සිංහල දෙමළ ඉංභ්‍රීසි මුහණත්
2. සිංහල දෙමළ උනිකේත වියුණ ධාවකය (uniwriter built in)
3. බොහෝ සංස්කාරක බොහෝ විශය තොරතුරු කළමණාකරණය (විෂයන් අටකට)
4. ශිශ්‍ය ලියා පදිංචිය හා සමූහ නිර්මාණය
5. ගෙදර වැඩ කිරීම හා හුවමාරුව
6. තොරතුරු හා සාමාජික වැඩ විවේචනය
7. ප්‍රශ්න වලට පිළිතුරු දීම හා විභාග සූදානම
8. සමූහ සන්නිවේදනය
9. සාමාජික පණිවිඩ හුවමාරුව

තොරතුරු ගබඩාව තවම හැදෙමින් පවතී. එයට Text, Graphics, Animations, Applets, Java Scipt Interactions, audio, video, midi පදනම වනවා. සිංහල යුනිකේත පිටු 4000 ක් අපගේ මූලික ඉලක්කය වේ. ඊට සෑහෙන අමු තොරතුරු සූදානම් කර ඇත.

ශිල්ප සයුර මුදුකාංගය අන්තර්ජාලයේ නොව නැණසල තුලයි ක්‍රියාත්මක වන්නේ. සන්නිවේදන දුබලතා හා තොරතුරු බර අන්තර්ජාලයට වඩා දේශීය ජාලයකටයි සූදානම්. බර අඩුකළ අන්තර්ජාල සංඥාපනයක් ඉදිරි ඉලක්කයක්.

ඔබට, ඔබේ දරුවන්ට, මිතුරන්ට මේ ආරාධනාව ශිල්ප සයුර බලා ඔබේ අදහස් කියන්නට. උපරීම ජන සහභාගීත්වය අපේ අරමුණයි. දැනටමත් සපුමල්, අනුරාධ සමූහයට ලිවූ පාඩම් වලින් කොටස් එය එකතු වී තියනවා.

බලන්න හොඳ නරක අදහස් සමූහයට ලියන්න, විශේෂයෙන් සිංහල යෙදුම්, භාවිත පහසුව

අපව දිරිගන්වන ඔබ සැමට ස්තූතියි.

නිරංජන් මීගම්මන

No comments: